සොඳුරු වනදහනේ නිහඬ දඩයක්කාරයා - 01

Aricle by: Kavishka Wijesooriya and Design by: Gihan Viraj 27 December, 2019
Picture Courtesy :Dimuthu Asiri Jayawardhana

" කොටියා" යන නම සවනත වැකෙත්ම අප සියලු දෙනාගේම හදවතට තරමක චකිතයක් දැනෙනු ඇත. ඉතින් අන්තර්ජාතික වශයෙන් මේ රුදුරු සත්ත්වයාට වෙන්වුනු අද දිනයේ එනම් මැයි 03 වන දින (International Leopard Day) නිමිත්තෙන් ශ්‍රී ලංකාවෙ වෙසෙන බිළාල පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු රැසක් බෙදාහදා ගැනීමටයි මේ සූදානම. මාර්තු 3 දිනට යෙදුනු ලෝක වනජීවි දිනයේ ද මෙවර තේමාව වූයේ " ලොව පුරා වෙසෙන බිළාලයන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම " යන්නයි. එබැවින් බිළාල පරපුර හා ශීඝ්‍ර වශයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රි ලංකාවේ කොටියා පිළිබඳ රසබර තොරතුරු සමූහයක් මෙතැන් සිට ඔබවෙත දිගහරින්නෙමු.

පසුගිය වසර 100ක පමණ කාලය තුළ ලොව පුරා කොටි ගහනය 95%කින් පමණ අඩුවී ඇතැයි සැලකේ. සම්, නිය හා දත් ද , වාජීකරණ ඖෂධ නිෂ්පාදනය හා අධික වෙළඳ වටිනාකම වැනි හේතූන් මත පරිසර සමතුලිතතාවය උදෙසා අති විශාල කාර්‍යයක් ඉටුකරන බිළාල විලෝපික පරපුර ලොවින් තුරන් වී යාම හේතුවෙන් ඔවුන් සංරක්ෂණය කර ගැනීමට හා ඔවුන්ගේ වැදගත්කම සමාජගත කිරීම මෙවර තේමාව වී ඇත.

බිළාල පවුල සහ ශ්‍රී ලංකාවේ කොටියා

ලොව පුරා විසිරී ඇති බිළාල පවුල සාමජිකයන් 40 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. Felidae ලෙස හැදින්වෙන බිළාල පවුල Pantherinae හා Felinae ලෙස උප පවුල් දෙකකට බෙදා දැක්විය හැකි අතර ඉන් කොටියා,දිවියා,ජගුවර් හා සිංහයා වැනි ප්‍රමාණයෙන් විශාල බිළාලයන් Pantherinae උප පවුලට ද අනෙකුත් සෙසු බිළාලයන් Felinae උප පවුලටද අයත් වේ. Panthera pardus kotiya ලෙස විද්‍යාත්මක නාමයෙන් ශ්‍රී ලංකාවෙ වෙසෙන කොටියා හදුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ හමුවන වල් බළලුන් (Wild cat) සතර අතුරින් විශාලතම බිළාලයා ශ්‍රී ලාංකික කොටියා (panthera pardus kotiya) වන අතර දිවයිනේ අග්‍රස්ථ ක්ෂීරපායී විලෝපිකයා (Apex Mammalian Predator) වේ. 1964 සිට සත්ත්ව හා ශාක ආරක්ෂණ පනත යටතේ ද කොටියා ආරක්ෂා කර ඇති අතර එය නීතිමය රැකවරණය ලබා දුන් පළමු වල් බළලා වේ. බිළාල පවුලට අයත් ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙක් වල් බළලුන් තිදෙනා වනුයේ වල් බළලා (Felis Chaus), හදුන් දිවියා (Prionailurus viverrinus) හා කොළ දිවියා(Prionailurus Rubiginosus) ය. මේ විශේෂ සතුන් IUCN - Red Data Book (2012) එකට අනූව හදුන්වා ඇත්තේ EN(Endangered) හෙවත් අන්තරායට ලක් වූ ජීව විශේෂ ලෙසටයි. 2015 වනවිට වන ගහනය දළ වශයෙන් 700-950 ක් ලෙස ගණන් බලා ඇත. මෙම කොටියන් හේතුවෙන්ම දැඩි සංචාරක ආකර්ෂණය ට බඳුන් වී ඇති යාල වනෝද්‍යානයේ ඔවුන් 40ක් පමණ ඇතැයි ගණනය කර ඇත . ඉකුත් වසරේදි ශ්‍රී පාද රක්ෂිතයේ අටවා තිබූ මද්දකට හසු වී කලු කොටියෙකු මිය යාමේ පුවතක් අසන්නට ලැබීම අප ලැබූ මහත් අවාසනාවකි. කලු කොටියා යනු සංචාරක ව්‍යාපාරයේ මිල කළ නොහැකි මහාර්ඝ "නිල් මැණික"කි. ස්වභාධර්මය අපට දුන් දායාදයකි. අනෙක අතට අනාගත පරම්පරාවේ උරුමයකි.

Special Thanks: Suneth Kanishka

තොරතුරු ,
What is needed to keep Sri Lanka’s leopards roaming free? (Commentary)
Sri Lankan Leopard